සුනඛයෙකු නිසා සිව් හැවිරිදි දැරියකට දිවි අහිමි වෙයි

සුනඛයෙකු සපා කෑම හේතුවෙන් සිව් හැවිරිදි හැරියක් ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීමක් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම කිලිනොච්චිය,කණ්ඩවාලෛ ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි.

මෙම සුනඛයා වීදි බල්ලෙකු බව හෙළි ව තිබෙනවා.

පසුගිය 10 වැනි දා දින මෙම දැරිවිය සුනඛයා විසින් සපා කා තිබෙන බවත්; දැරියට ජල භීතිකා එන්නත හෝ වෙනත් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාදීමට දෙමාපියන් කටයුතු සිදු කර නොමැති බවත් කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසනවා.

දැරිය හදිසියේ අසනීප වී ඇති අතර, අනතුරුව ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අවස්ථාවේ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දැරියගේ මරණය බල්ලා සපාකෑමෙන් සිදු ව ඇති බවට රෝහල් බලධාරීන් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බල්ලා සපා කෑ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු කොට ඇති බව ද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩාවලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03