සිරිල් රමෆෝසා හට දෙවන වරටත් ජනපති ධුරය

දකුණු අප්‍රිකාවේ සිරිල් රමෆෝසා ජනාධිපති ලෙස දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දී තිබෙනවා.

අප්‍රිකානු ජනරජයට විශ්වාසවන්තව සිටින බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජනරජයේ අනෙකුත් සියලුම නීතිවලට ගරු කරමින්, පිළිපදින බවටත් ජනපතිවරයා අගවිනිසුරු රේමන්ඩ් සොන්ඩෝ ඉදිරියේ දිවුරුම් දුන් බවයි විදෙස් වාර්තා
පවසන්නේ.

පසුගිය මාසයේ පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාවේ සිරිල් රමෆෝසා, අසමත් වුණා.

රමෆෝසා ජනාධිපති ලෙස නැවත තේරී පත් වීමට හැකි වූයේ ඔහුගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය එහි දිගුකාලීන ප්‍රතිවාදී පක්ෂවන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ අනෙකුත් පක්ෂ අතර සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ගනුදෙනුවකින් පසුවයි.

1994 වර්ණභේදවාදයේ අවසානයෙන් පසුව දකුණු අප්‍රිකාව පාලනය කළ අප්‍රිකානු ජාතික කොංග්‍රසයට මැයි 29 මැතිවරණයෙන් සම්පූර්ණ ජයග්‍රාහකයෙකු වීමට නොහැකි වුණා.

ප්‍රිටෝරියා අගනුවර පැවැත්වෙන ජනපති දිවුරුම් දීමේ උත්සවයට ලොව පුරා රාජ්‍ය නායකයින් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතයි.

ඇන්ගෝලාව, උගන්ඩාව, මොසැම්බික්, චීනය, ඊජිප්තුව, පලස්තීනය සහ කියුබාව ඇතුළු රටවල් මේ සඳහා ආරාධනා ලැබ ඇති බව සඳහන්.

කෙසේ වෙතත් 15% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 58ක් ලබාගත් හිටපු ජනාධිපති Jacob Zuma විසින් පිහිටුවන ලද ද උම්කොන්ටෝ විසිස්වී (The uMkhonto weSizwe) පක්ෂය පවසා ඇත්තේ ඔවුන් සමාරම්භක උත්සවයට සහභාගී නොවන බවයි.

අප්‍රිකානු ජාතික කොංග්‍රසය ඡන්ද වලින් 40% ක් ලබා ගත් අතර ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය දෙවන ස්ථානයට පත් වූයේ 22% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27