AFC Banner
Empty Ad
Empty Ad

කිලෝග්‍රෑම් 44ක් බරැති මඤ්ඤොක්කා අලයක් මතුවෙයි

මහනුවර – පිළිමතලාව ප්‍රදේශයේ මල්ගම්මන ගම්මානයේ නිවසක වගා කර තිබූ කිලෝග්‍රෑම් 44ක් පමණ බරැති විශාල මඤ්ඤොක්කා අලයක් ගලවා තිබෙනවා.

මෙම වගාව සිදුකර ඇත්තේ 63 හැවිරිදි වියෙහි පසුවන විශ්‍රාමික සුබසිරි විජේසුන්දර මහතා යි.

පුරුද්දක් වශයෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය පෝෂ්‍යදායී එළවළු ලබා ගැනීමේ අරමුණින් මොහු ගෙවතු වගාව සිදු කරන බවයි පැවසෙන්නේ.

එම වගාවෙන් කොටසක් සිය පරිභෝජනයටත් තවත් කොටසක් ආර්ථික වාසි උදෙසාත් අලෙවි කිරීම කාලයක සිට ඒ මහතා සිදු කරන්නකි.

එලෙස වගා කළ කිරි කවඩි අලයක අස්වැන්න නෙලා ගැනීමේ දී එය විශාල අලයක් බවට පත්ව ඇති බවත් වාර්තා වනවා.

කිරිකවඩි නම් මඤ්ඤොක්කා ප්‍රභේදයේ රිකිල්ලක් අවුරුද්දකට පමණ පෙර රෝපණය කර ඇති අතර; එම ගස විශාලව වර්ධනය වීම නිසා එම මඤ්ඤොක්කා ගස ඊයේ (16) දින ගැලවීමට පටන් ගෙන තිබෙනවා.

ඉන් පසුවයි එම අලයෙහි අස්වැන්න අතිවිශාල බවට ඔහු දැක ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
3
+1
7
+1
16
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?