කිලෝග්‍රෑම් 44ක් බරැති මඤ්ඤොක්කා අලයක් මතුවෙයි

මහනුවර – පිළිමතලාව ප්‍රදේශයේ මල්ගම්මන ගම්මානයේ නිවසක වගා කර තිබූ කිලෝග්‍රෑම් 44ක් පමණ බරැති විශාල මඤ්ඤොක්කා අලයක් ගලවා තිබෙනවා.

මෙම වගාව සිදුකර ඇත්තේ 63 හැවිරිදි වියෙහි පසුවන විශ්‍රාමික සුබසිරි විජේසුන්දර මහතා යි.

පුරුද්දක් වශයෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය පෝෂ්‍යදායී එළවළු ලබා ගැනීමේ අරමුණින් මොහු ගෙවතු වගාව සිදු කරන බවයි පැවසෙන්නේ.

එම වගාවෙන් කොටසක් සිය පරිභෝජනයටත් තවත් කොටසක් ආර්ථික වාසි උදෙසාත් අලෙවි කිරීම කාලයක සිට ඒ මහතා සිදු කරන්නකි.

එලෙස වගා කළ කිරි කවඩි අලයක අස්වැන්න නෙලා ගැනීමේ දී එය විශාල අලයක් බවට පත්ව ඇති බවත් වාර්තා වනවා.

කිරිකවඩි නම් මඤ්ඤොක්කා ප්‍රභේදයේ රිකිල්ලක් අවුරුද්දකට පමණ පෙර රෝපණය කර ඇති අතර; එම ගස විශාලව වර්ධනය වීම නිසා එම මඤ්ඤොක්කා ගස ඊයේ (16) දින ගැලවීමට පටන් ගෙන තිබෙනවා.

ඉන් පසුවයි එම අලයෙහි අස්වැන්න අතිවිශාල බවට ඔහු දැක ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
3
+1
7
+1
16
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38