ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් සුපිරි 08 තරග වටයට යාමට අවස්ථාවක් ?

2024 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ කාණ්ඩයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව තබාගෙන තිබූ බලාපොරොත්තු අද (12) දිනයේ තවදුරටත් තුනී වී ගියා.

අද පැවැත්වීමට නියමිත ව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවීම මීට හේතු වුණා.

මේ සමගම D කාණ්ඩයෙන් කල් වේලා ඇතුවම සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු ව ඇත්තේ D කාණ්ඩයේ ඉදිරි තරග පැවැත්වෙන ආකාර සහ අනෙක් කණ්ඩායම් ලබා ගන්නා ජයග්‍රහණ අනුව ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය කිරීමටයි.

ඒ අද (12) අමෙරිකාවේ ලවුඩර්හිල් හි දී පැවැත්වීමට නියමිත කර තිබූ නේපාල – ශ්‍රී ලංකා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියේ නේපාල කණ්ඩායම විශාල ලකුණු පරතරයකින් පරාජය කරමින් ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ ඉදිරි ගමනක් සකසා ගැනීමටයි.

කෙසේ වෙතත් ලවුඩර්හිල් ක්‍රීඩාංගණය අවට ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව ඔවුන්ගේ බලාපොරොත්තු සහමුලින්ම සෝදා හැරියා.

නගරයට හදිසි ගංවතුර තත්ත්වයක් පවා ඇති කළ මෙම වර්ෂාව හේතුවෙන් විනිසුරුවරුන් තීරණය කළේ එකදු පන්දුවක් හෝ නොයවා මේ තරගය අත්හැර දැමීමටයි.

මේ සමග ම ශ්‍රී ලංකා කණ්ඩායමට සහ නේපාල කණ්ඩායමට ප්‍රසාද ලකුණු එක බැගින් හිමි වුණා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට ලැබෙන අවස්ථා තවදුරටත් සිහින් වී යනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට නම්, පළමුව ජුනි 13 වැනිදා කිංග්ස්ටවුන්හි දී පැවැත්වෙන බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගයට ද වර්ෂාවෙන් බාධා පැමිණ අත්හැර දැමිය යුතුයි.

ඉන් පසුව ජුනි 16 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ D කාණ්ඩයේ අවසන් තරගය වන නෙදර්ලන්තයට එරෙහි තරගය විශාල ලකුණු සංඛ්‍යාවක පරතරයක් තබා ගනිමින් ජයග්‍රහණය කළ යුතු වනවා.

එමෙන්ම පැවැත්වීමට නියමිත නේපාල දකුණු අප්‍රිකා තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාව නියත වශයෙන් ම තමන් සතු කරගත යුතු වන අතර, නේපාලය ජුනි 16 වැනිදා බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය සුළු පරතරයකින් බංග්ලාදේශය පරාජය කිරීම ද කළ යුතු වනවා.

තත්ත්වය එසේ වුවහොත් පමණක් ම ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටය සඳහා පිවිසීමේ අවස්ථා විවර වන අතර මේ වන විට පරිසරය සැකසී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ගමන් මළු රැගෙන නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට ගුවන් ටිකට්පත් වෙන් කිරීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14