පැපුවා නිව්ගිනියාවේ බිහිසුණු නායයාමක්

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කඳුකර ගම්මානයක සිදුවූ මෙම බිහිසුණු නායයෑමට බොහෝ පිරිසක් සිර වී සිටින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දේපළ හානි රැසක් සිදුව ඇති අතර නායයාම හේතුවෙන් මිය ගිය මෙම සංඛ්‍යාව බලධාරීන් විසින් මෙතෙක් තහවුරු කර නොමැත.