පුද්ගලික ණය හිමියන් සහ රජයේ නිලධාරීන් අතර තවත් සාකච්ඡා වටයක් වොෂින්ටනයේදී

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණයවලින් ඇමරිකානු ඩොලර් බිලියන 12.05ක් හිමි පුද්ගලික ණය හිමියන් සහ රජයේ නිලධාරීන් අතර තවත් සාකච්ඡා වටයක් ලබන සතියේ වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතයි.

දෙපාර්ශ්වය අතර පසුගිය මාර්තු මස අග ලන්ඩනයේ පැවැති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයි බ්ලූම්බර්ග් වාර්තා කරනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය අතර මාර්තු මස අගදී ලන්ඩනයේ පළමු සාකච්ඡා වටය පැවැත්වූ බව පවසන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය එම සාකච්ඡා ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ බව පවසනවා.

මූලාශ්‍ර උපුටා දක්වමින් Bloomberg පැවසුවේ අප්‍රේල් 15 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රැස්වීමට සමගාමීව වොෂින්ටන් ඩීසී හි දී දෙවැනි වටයේ සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 12.5ක බැඳුම්කර ආපසු ගෙවීම මේ වන විට පැහැර හැර තිබෙනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ශ්‍රී ලංකාවේ වාණිජ ණය ප්‍රමාණයෙන් සියයට 34ක් වනවා.

රජයේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 40%ක් වාණිජ ණයයි.

බහුපාර්ශ්වික ණය ප්‍රමාණය සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 31ක්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මන්දගාමී වුවහොත්, ගෙවුම් ශේෂය නරක අතට හැරෙන අතර පුළුල් මූල්‍ය හිඩැස් ඇති කරන බවට ශ්‍රී ලංකාවට අරමුදල් සැපයීමේ පහසුකම සඳහා සහාය වන IMF අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කෝසැක් පැවසුවේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි දැඩි විශ්වාසයක් ඇති බවයි.

බාහිර ණය සේවාකරණය වසර දෙකකට පමණ පෙර එනම් 2022 වසරේ අප්‍රේල් 12වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවනු ලැබුවා.

නොගෙවූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය අතර 2023 අප්‍රේල් 18 දින කල් පිරෙන 2018 අප්‍රේල් 18 දින නිකුත් කරන ලද 5.75% වාර්ෂික පොලී සහිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.25ක පස් අවුරුදු බැඳුම්කරයක් ද වුණා.

2019 මාර්තු 14 දින නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1, පස් අවුරුදු, බැඳුම්කර සහ ජූනි 28 දින නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 500, පස් අවුරුදු, බැඳුම්කර දෙකක් මේ වසරේදී කල් පිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?