පුද්ගලික ණය හිමියන් සහ රජයේ නිලධාරීන් අතර තවත් සාකච්ඡා වටයක් වොෂින්ටනයේදී

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණයවලින් ඇමරිකානු ඩොලර් බිලියන 12.05ක් හිමි පුද්ගලික ණය හිමියන් සහ රජයේ නිලධාරීන් අතර තවත් සාකච්ඡා වටයක් ලබන සතියේ වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතයි.

දෙපාර්ශ්වය අතර පසුගිය මාර්තු මස අග ලන්ඩනයේ පැවැති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයි බ්ලූම්බර්ග් වාර්තා කරනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය අතර මාර්තු මස අගදී ලන්ඩනයේ පළමු සාකච්ඡා වටය පැවැත්වූ බව පවසන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය එම සාකච්ඡා ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ බව පවසනවා.

මූලාශ්‍ර උපුටා දක්වමින් Bloomberg පැවසුවේ අප්‍රේල් 15 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රැස්වීමට සමගාමීව වොෂින්ටන් ඩීසී හි දී දෙවැනි වටයේ සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 12.5ක බැඳුම්කර ආපසු ගෙවීම මේ වන විට පැහැර හැර තිබෙනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ශ්‍රී ලංකාවේ වාණිජ ණය ප්‍රමාණයෙන් සියයට 34ක් වනවා.

රජයේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 40%ක් වාණිජ ණයයි.

බහුපාර්ශ්වික ණය ප්‍රමාණය සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 31ක්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මන්දගාමී වුවහොත්, ගෙවුම් ශේෂය නරක අතට හැරෙන අතර පුළුල් මූල්‍ය හිඩැස් ඇති කරන බවට ශ්‍රී ලංකාවට අරමුදල් සැපයීමේ පහසුකම සඳහා සහාය වන IMF අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කෝසැක් පැවසුවේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි දැඩි විශ්වාසයක් ඇති බවයි.

බාහිර ණය සේවාකරණය වසර දෙකකට පමණ පෙර එනම් 2022 වසරේ අප්‍රේල් 12වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවනු ලැබුවා.

නොගෙවූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය අතර 2023 අප්‍රේල් 18 දින කල් පිරෙන 2018 අප්‍රේල් 18 දින නිකුත් කරන ලද 5.75% වාර්ෂික පොලී සහිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.25ක පස් අවුරුදු බැඳුම්කරයක් ද වුණා.

2019 මාර්තු 14 දින නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1, පස් අවුරුදු, බැඳුම්කර සහ ජූනි 28 දින නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 500, පස් අවුරුදු, බැඳුම්කර දෙකක් මේ වසරේදී කල් පිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12