ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළට ආදායම ඉහළට

මේ වසරේදි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණූ පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක බැංකුව පුරෝකථනය කරනවා.

නමුත්, රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටළු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම – ‘බ්‍රිඩ්ජ් ටු රිකවරි ‘(Bridge to Recovery) නම් වු ලෝක බැංකු ද්වි වාර්ෂික වාර්තාව ඊයේ (02) දින එළිදැක්වුණා.

එමගින් පෙන්වාදි ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ බැසිමක් ඇති බවත්, නව මුල්‍ය ප්‍රතිපත්තින් ක්‍රියාත්මක වීම නිසා ඉහළ ආදායමක් ලබන බවයි.

කෙසේ වුවද දරිද්‍රතා මට්ටම අඛණ්ඩව වසර හතරක් (04) වර්ධනය වූ අතර ශ්‍රි ලාංකිකයන්ගේ 25.9% ක් 2023 වර්ෂයේදි දරිද්‍රතා මට්ටමට පහලින් ජිවත් වූ බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙනවා.

ශ්‍රම බලකායේ සහභාගිත්වයද අඩුවිමක් පෙන්නුම් කරන අතර විශේෂයෙන් කුඩා ව්‍යවසායන් සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් වසා දැමිම නිසා කාන්තාවන් අතර සහ නාගරික ප්‍රදේශවල ජනතාව අතර ශ්‍රම බලකා සහභාගිවිමේ අඩුවක් දක්නට ලැබුණු බව අදාළ වාර්තාවේ සඳහන්.

එහි දැක්වෙන්නේ භාණ්ඩවල ඉහළ මිල, ආදායම් තත්වය අඩුවිම සහ අඩු ආදායම් සහිත රැකියා පැවතීම වැනි විවිධ ප්‍රශ්නවලින් ජනතාව පිීඩනයට පත් ව සිටින බවයි.

මේ හේතුව නිසා ජනතාවට ආහාර අවශ්‍යතා සපුරාගැනිම සඳහාද සෞඛ්‍යය හා අධ්‍යාපන වියදම් පවත්වාගෙන යාම සඳහාද ණයගැනිමට සිදු වී ඇතැයි ලෝක බැංකුව පෙන්වා දෙනවා.

මීට අමතරව, මෙම වාර්තාව මගින් 2025 වර්ෂයේදි 2.5% ක ආර්ථික වර්ධනයක් ඇතිවන බවට පුරෝකථනය කර තිබෙනවා.

2026 වර්ෂය දක්වා දරිද්‍රතා මට්ටම 22% ක් ව පවතිනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරනවා.

අනාගතය පිළිබඳ අවධානම දිගටම පවතින අතර ප්‍රමාණවත් නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරිම්,ප්‍රතිසංස්කරණ කටයුුතු වල සිදුවිය හැකි ආපසු හැරවීම, මුල්‍ය ක්ෂේත්‍රයේ ඇති අවධානම් තත්වය සහ ආර්ථික අර්බුදයේ දිගුකාලීන බලපෑම් යන කරුණු ඊට හේතු ලෙස ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.

මේ අතර, ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට නොහැකි වන පරිදි නව නීති කෙටුම්පතක් මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48