දිගු දුර මිසයිලවලින් රුසියාවට පහරදීමට බයිඩන්ගෙන් යුක්‍රේනයට අවසර

රුසියාවට පහරදීම සඳහා එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල භාවිත කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට අවසර ලබා දී තිබෙනවා.

මාස කිහිපයකට සිට යුක්‍රේනය ජනපති සෙලෙන්ස්කි විසින්; ATACMS ලෙස හඳුන්වන මිසයිල සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, තමන්ගේ දේශසීමාවෙන් පිටතට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බව පවසමින්.

ඇමරිකාවේ මෙම අවසරයත් සමඟ යුක්‍රේනය ඉදිරි දිනවල දී එම ආයුධ භාවිත කරමින් දිගු දුර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එවැනි පියවරකට එරෙහිව මීට පෙර බටහිර ජාතීන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.

එක්සත් ජනපදය විසින් සපයන ලද මිසයිලවලින් රුසියාව තුළට පහර දීමට යුක්‍රේනයට ඉඩදීම තුන්වන ලෝක යුද්ධයකට තුඩු දෙන කාරණාවක් බවයි රුසියානු නීති සම්පාදකයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48