‘පුෂ්පා 2’ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න මහා සෙනඟක් පොදිකෑ හැටි (වීඩියෝ)

ජනප්‍රිය තෙළිඟු නළු අල්ලු අර්ජුන් සහ රශ්මිකා මන්දනා රංගනයෙන් දායකවන පුෂ්පා 2 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීම ඊයේ (17) සිදු කෙරුණා.

බිහාර් ප්‍රාන්තයේ පැට්නා හි ගාන්ධි පිටියේ අති උත්කර්ෂවත් ලෙස පැවති උත්සවයක දී මෙම පූර්ව ප්‍රචාරකපටය එළිදක්වනු ලැබුවා.

එම අවසථාව දැක බලාගැනීම සඳහා දසදහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ගාන්ධි පිටියට රැස්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම පිරිස් පාලනය සඳහා පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යෙදවීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබුණා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ බොහෝ රසිකයන් චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටින සිනමා තරු
නැරඹීම සඳහා ගාන්ධි පිටියේ ඉදිකරන කර තිබූ තාවකාලික කුළුනු මතට නැඟුණු බවයි.

තෙරපීම වැනි තත්ත්වයන් නිර්මාණය වීමත් සමඟ එහි රැස්ව සිටි අතිවිශාල ජනකාය පාලනය කිරීමට ආරක්ෂක නිලධාරීන් බැටන් ප්‍රහාර එල්ල කර ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

එහිදී රැස්ව සිටි රසිකයන් පොලිස් නිලධාරීන්ට සෙරෙප්පු, ජල බෝතල් වැනි දෑ වලින් පහරදී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඉන්දීය රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් වැයකර නිර්මාණය කර ඇති පුෂ්පා 2 චිත්‍රපට එළඹෙන දෙසැම්බර් 05 වනදා සිට ලොව පුරා ප්‍රදර්ශනය අරඹනවා.

https://twitter.com/KreatelyMedia/status/1858175996085616945


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46