මෘත ශරීර කොටස් බයිසිකලයකින් ඇද්ද මල්ශාලා සේවකයා අත්අඩංගුවට

මල්ශාලාවකින් ඉවත්කරන මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයෙක් වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේ දී වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (16) පස්වරුවේ පාපැදියක කාඩ්බෝඩ් පෙට්ටියක් ගැටගසා; ඒ තුළ මෘතශරීර කොටස් දමාගෙන ඒවා තාණ්ඩිකුලම වැව මාර්ගය අසළට රැගෙනයමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය පැවසුවේ සුසාන භූමියක් වෙත ඉතා ආරක්ෂාකාරිව ඉවත්කළ යුතු මෘතශරීර කොටස් දුඟද වහනය වන අයුරින් අවිධිමත් ලෙස සැකකරු විසින් මෙලෙස ප්‍රවාහනය කර ඇති බවයි.

තාණ්ඩිකුලම ප්‍රදේශයේ ස්ථානයකට එම මෘතශරීර කොටස් ගිහින් දමන ලෙසට මල්ශාලාවේ හිමිකරු පවසා ඇති බවයි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සැකකරුට අවිධිමත් ලෙස මෘතශරීර කොටස් බැහැරකිරීමට නියෝග කළ මල්ශාලා හිමිකරුට එරෙහිව විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
6
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44