මෙන්ඩිස්ගේ ඉවසිලිවන්ත ඉනිමෙන් වසර 12කට පසු කිවියන් ඉදිරියේ එක්දින තරගාවලි ජයක්

කුසල් මෙන්ඩිස්ගේ ඉවසිලිවන්ත ඉනිමත් සමඟ නවසීලන්තය සමඟ පැවති දෙවන එක්දින තරගය තියුණු සටනකින් පසු ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (17) රාත්‍රියේ හැකියාව ලැබුණා.

නවසීලන්තය පරාජය කරමින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු තුනකින්.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ජය ද හිමිකර ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක දී නවසීලන්තය පරාජය කළේ වසර 12කට පසුව වීම ද විශේෂත්වයක්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසිලන්ත ඉනිමට අවස්ථා දෙකක දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ, සමඟ තරගය පන්දුවාර 47කට සීමා කිරීමටයි තරග තීරකවරයා තීරණය කළේ.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලි පන්දු යැවීම සහ පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ නවසීලන්ත ඉනිම පන්දුවාර 45යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලකුණු 209 කට සීමා වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්හ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද නවසීලන්ත දඟ පන්දු යවන්නන්ගෙන් ප්‍රබල පීඩනයක් එල්ල වූ ආකාරයයි දැකගත හැකි වුණේ.

මෙහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂාකර ගනිමින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන යෑමට කටයුතු කළා.

එහිදී ආබාධයක් ද සමඟ පිතිකරණයේ යෙදුනු මෙන්ඩිස් නොදැවී පන්දු 102කට මුහුණ දෙමින් ලකුණු 74ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම අවසානයේ මෙන්ඩිස් සමඟ කඩුල්ලට එක් වූ මහීෂ් තීක්ෂණ ලකුණු 27ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට දායකත්වය ලබා දුන්නා.

අවසානයේ ශ්‍රී ලංකාව පන්දුවාර 46ක් අවසානයේ කඩුලු 07ක් පමණ දැවී ලකුණු 210ක ඉලක්කය සම්පූර්ණ කරගනිමින් මෙම තරග ජයග්‍රහණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23