සීදූව බෝඩිං කාමරයක් තුළ දී සිදු වූ දෙදරු මව ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

සීදූව, රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි බෝඩිං කාමරයක දී 26 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ 22 හැවිරිදි තරුණයෙක් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බවයි.

මෙම සැකකරු සහ ඝාතනය ලක් වූ 26 හැවිරිදි කාන්තාව අතර කලක සිට අනියම් ඇසුරක් පවතවාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක් වූ තැනැත්තිය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, ඇය සීදූව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (14) රාත්‍රී කාලයේ දී බෝඩිං කාමර තුළ දී වීදුරු කටුවකින් අදාළ කාන්තාවගේ ගෙළ කපා මෙම ඝාතනය සිදුකර ඇති අතර, එම කාමරය තුළ තොණ්ඩුවක් ද සකසා තිබූ ආකාරය පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව පොලිසිය සැකපළ කරන්නේ ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු ද සියදිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බවයි.

සැකකරු සහ මෙම කාන්තාව අතර අනියම් ඇසුර පැවති කාලය තුළ කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මේ අතර ඝාතනය සිදුකිරීමෙන් පසු පළාගිය සැකකරු සිය මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී සිදු වූ සිදුවීම පවසා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51