spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සීදූව බෝඩිං කාමරයක් තුළ දී සිදු වූ දෙදරු මව ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

සීදූව, රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි බෝඩිං කාමරයක දී 26 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ 22 හැවිරිදි තරුණයෙක් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බවයි.

මෙම සැකකරු සහ ඝාතනය ලක් වූ 26 හැවිරිදි කාන්තාව අතර කලක සිට අනියම් ඇසුරක් පවතවාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක් වූ තැනැත්තිය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, ඇය සීදූව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (14) රාත්‍රී කාලයේ දී බෝඩිං කාමර තුළ දී වීදුරු කටුවකින් අදාළ කාන්තාවගේ ගෙළ කපා මෙම ඝාතනය සිදුකර ඇති අතර, එම කාමරය තුළ තොණ්ඩුවක් ද සකසා තිබූ ආකාරය පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව පොලිසිය සැකපළ කරන්නේ ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු ද සියදිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බවයි.

සැකකරු සහ මෙම කාන්තාව අතර අනියම් ඇසුර පැවති කාලය තුළ කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මේ අතර ඝාතනය සිදුකිරීමෙන් පසු පළාගිය සැකකරු සිය මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී සිදු වූ සිදුවීම පවසා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
0
+1
3
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?