කිලෝ 50ක අයිස් කුට්ටියක් වහලෙකට වැටිලා

හාලි ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදගම ග්‍රාම සේවා වසමේ නිවසක වහලය මතට අද (12) පස්වරුවේ කිලෝග්‍රෑම් 50 පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් කඩා වැටී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථෘනය පවසනවා.

මේ පිලිබඳව එම නිවසේ හිමිකරුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තමා වැඩ ඇරි පස්වරු 5.00ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ දී තමාගේ වයෝවෘද්ධ මව විසින් නිවසින් වතුර වැටෙන බවත් ඒම වතුර ඉවත් කිරිමට කටයුතු කළ බවත් පැවසු බවයි.

එලෙස නිවසේ වහලයෙන් වතුර වැටිමට හේතුවක් නොමැති වුයෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදි නිවසේ වහලයේ ටකරමක් ද කඩාගෙන පරාලවලට හිරවි තිබෙන සුදු පැහැති විශාල ගලක් වැනි දෙයක් තිබෙනු දුටු බව පවසනවා.

එය තවදුරටත් පරික්ෂා කිරීමේදි විශාල අයිස් කුට්ටියක් බවට හදුනාගෙන අතර එය කිලෝ 50 ක් පමණ බර ඇතැයිද ඔහු කියා සිටියා.

තම නිවසට ආසන්නයේ ගනදේවි දේවාලයක් ඇති බවත් මෙම දිනවල පවතින දැඩි පෑවිල්ල සමඟ මෙම අයිස් කුට්ට්ය වහලය මතට කඩා වැටීම පිලිබඳව තමා ඇතුළු අවට ජනතාව විමතියට පත්වන බවද ඔහු තවදුරටත් සදහන් කර සිටියා.

මේ පිළිබඳව කළ විමසීමකදි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ, රිල්පොල ප්‍රදේශයේ එවැනි සිදුවීමක් පිළිබඳව වාර්තාවි ඇති අතර එය අසාමාන්‍ය සිදුවීමක් බවත් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදු කල යුතු බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
20
+1
4
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16