spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිලෝ 50ක අයිස් කුට්ටියක් වහලෙකට වැටිලා

හාලි ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදගම ග්‍රාම සේවා වසමේ නිවසක වහලය මතට අද (12) පස්වරුවේ කිලෝග්‍රෑම් 50 පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් කඩා වැටී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථෘනය පවසනවා.

මේ පිලිබඳව එම නිවසේ හිමිකරුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තමා වැඩ ඇරි පස්වරු 5.00ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ දී තමාගේ වයෝවෘද්ධ මව විසින් නිවසින් වතුර වැටෙන බවත් ඒම වතුර ඉවත් කිරිමට කටයුතු කළ බවත් පැවසු බවයි.

එලෙස නිවසේ වහලයෙන් වතුර වැටිමට හේතුවක් නොමැති වුයෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදි නිවසේ වහලයේ ටකරමක් ද කඩාගෙන පරාලවලට හිරවි තිබෙන සුදු පැහැති විශාල ගලක් වැනි දෙයක් තිබෙනු දුටු බව පවසනවා.

එය තවදුරටත් පරික්ෂා කිරීමේදි විශාල අයිස් කුට්ටියක් බවට හදුනාගෙන අතර එය කිලෝ 50 ක් පමණ බර ඇතැයිද ඔහු කියා සිටියා.

තම නිවසට ආසන්නයේ ගනදේවි දේවාලයක් ඇති බවත් මෙම දිනවල පවතින දැඩි පෑවිල්ල සමඟ මෙම අයිස් කුට්ට්ය වහලය මතට කඩා වැටීම පිලිබඳව තමා ඇතුළු අවට ජනතාව විමතියට පත්වන බවද ඔහු තවදුරටත් සදහන් කර සිටියා.

මේ පිළිබඳව කළ විමසීමකදි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ, රිල්පොල ප්‍රදේශයේ එවැනි සිදුවීමක් පිළිබඳව වාර්තාවි ඇති අතර එය අසාමාන්‍ය සිදුවීමක් බවත් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදු කල යුතු බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
20
+1
4
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?