138 බස් හිමිකරුවෝ බැතිමතුන් 600ක් නොමිලේ වන්දනාවේ ගෙනියයි (වීඩියෝ)

පොදු ව්‍යවහාරයේ පෞද්ගලික බස් රථ සේවකයින් ගැන ජනතාව තුළ ඇත්තේ ප්‍රසාද හැඟීමක් නොවෙයි.

නමුත් අපි මේ කියන්න හදන්නේ නවම් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් සද් කාර්යයක නිරත වූ පෞද්ගලික බස් රථ හිමිකරුවන් සහ සේවකයින් පිරිසක් ගැනයි.

දවස් 365 පුරාම එකිනෙකා හා බැණ අඩගහ ගනිමින් කොළඹ පාරවල් පුරා රේස් පදින මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථ හිමිකරුවන් සහ ඒවායේ සේවකයින් සද් කාර්යයට එක් වුණා.

ඒ හෝමාගම හා අවට බැතිමතුන් 600 දෙනෙකු වෙනුවෙන් අනුරාධපුර වන්දනා චාරිකාවක් සංවිධානය කරමින්.

ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින මෙරට බොහෝ දෙනෙකුට වන්දනා ගමනක් යෑම අද කාලයේ පහසු නැහැ.

එවන් පසුබිමකයි පෞද්ගලික බස් හිමිකරුවන් සහ සේවකයින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ.

මෙම පිරිසගෙන් කිසිදු මුදලක් අය නොකිරීම මෙහි ඇති විශේෂත්වයක්.

බස් රථ 10ක් අද අලුයම මෙම වන්දනා ගමන ආරම්භ කළා.

ඔවුන් අද දිනය පුරා අනුරාධපුර පූජා භූමියේ රැඳී සිටිමින් අටවිසි බෝධි පූජා පින්කම් ඇතුළු පිංකම් රැසක නිරත වීමට නියමිතයි.

පූජ්‍ය මීගහපැලැස්සේ විජිතධම්ම හිමි – විහාරාධිපති – හෝමාගම මහකටුවාන ශාසන වර්ධනාරාම විහාරය බැතිමතුන් ලබන මස සිට සෑම පොහෝ දිනකම බස් රථ දෙක බැගින් යොදාගෙන මෙලෙස නොමිලේ බැතිමතුන් අනුරාධපුර වන්දනාවේ කැඳවාගෙන යෑමට මේ වන විටත් සැලසුම් කර ඇතැයි සංවිධායකයින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
4
+1
5
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46