කෝටි 10කට අධික මත්කරල් තොගයක් එඩේරමුල්ලෙන් සොයාගනී

රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් මත්කරල් තොගයක් සමඟ පුද්ගලයෙක් වත්තල, එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ සැකකරු සන්තකයේ තිබී මත්කරල් එක්ලක්ෂ අනූ දෙදහසක් සොයාගත් බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මත්ද්‍රව්‍ය වශයෙන් භාවිත කරනු ලබන මෙම මත්කරල් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් මෙම මත්කරල් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 10කට අධිකයි.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03