රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් මත්කරල් තොගයක් සමඟ පුද්ගලයෙක් වත්තල, එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ සැකකරු සන්තකයේ තිබී මත්කරල් එක්ලක්ෂ අනූ දෙදහසක් සොයාගත් බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මත්ද්‍රව්‍ය වශයෙන් භාවිත කරනු ලබන මෙම මත්කරල් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී සොයාගත් මෙම මත්කරල් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 10කට අධිකයි.
බදුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.













