හෙරොයින් සහ අයිස් කිලෝ 17ක් සමඟ ඇල්ලූ සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අද අධිකරණයට

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) පිළියන්දල පොලිස් වසමේ තුම්බෝවිල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

මෙම වැටලීමේ දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් හෙරොයින් කිලෝග්‍රෑම් 11 ග්‍රෑම් 69ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 90ක් සමඟ අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 24 සහ 31 යන වයස්වල පසුවන අතර, සැකකාරිය 27 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වුණේ.

මොවුන් දෙහිවල, ඇඹිලිපිටිය හා වෑගොව්ව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් හා සැකකාරිය අද (25) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර, බස්නාහිර පළාතඋතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31