කෝටි 500ක මූල්‍ය වංචාවට ඇල්ලූ නිලමේ හොර බස්නායක නිලමේ කෙනෙක්

ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500 කට අධික මුදලක් වංචා කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ තරිඳු වීරසේකර නැමැති පුද්ගලයා බස්නායක නිලමේවරයෙකු නොවන බව බස්නායක නිලමේවරුන්ගේ සංගම පවසනවා.

බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කරන මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (28) මේ බව සඳහන් කළා.

මෙම මූල්‍ය වංචාවට පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනුණු සැකකරු දකුණු පළාතේ ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේවරයෙකු ලෙස කටයුතු කළ බවට මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බවයි සභාපතිවරයා පවසන්නේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව රජදවස සිට මෙරට ඉපැරැණි හා ඓතිහාසික දේවාලවල සිටිනුයේ නියම බස්නායක නිලමේවරු 31 දෙනෙක් පමණක් බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඊට අමතරව බස්නායක නිලමේවරු සිටී නම් ඒ සියලු දෙනා ව්‍යාජ බස්නායක නිලමේවරුන් බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ තරිඳු වීරසේකර නැමැත්තා ද ඒ ආකාරයෙන් කිසියම් දේවාලයක ව්‍යාජ බස්නායක නිලමේවරයෙක් වශයෙන් සිටින්නට ඇතැයි සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සඳහන් කර සිටියා.

රජ කාලයේ සිට පැවත එන ගෞරවණීය තනතුරක් වූ බස්නායක නිලමේ ධුරයේ මෙන්ම එම මුල් ඇඳුමේ ගෞරවය කෙලෙසන පුද්ගලයින්ට එරෙහිව ඉතා කඩිනමින් නීතිමය පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.

රුපියල් කෝටි 500 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තරිඳු වීරසේකර නැමැති සැකකරු කහටගස්දිගිලිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

සැකකරු පෙරේදා (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය මඟින් පිළිමතලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ අනියම් බිරිඳ බව පැවසෙන නවක ටෙලි නාට්‍ය නිළියක් සමඟ සැඟව සිටිය දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
8
+1
1
+1
0
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12