ලේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි දරුවෙකු ගංඟා නදියේ ගිල්වා තැබීමෙන් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
එසේ මිය ගිය 07 හැවිරිදි දරුවාගේ දෙමාපියන් විසින් දරුවාව විනාඩි 15ක කාලයක් ගංගා නදියේ ගිල්වා තිබෙනවා.
ජලයේ ගිල්වීමෙන් පසු ආශ්චර්යකින් ඔහුට වැළදී ඇති පිළිකාව සුවවනු ඇති බවට වූ අන්ධ විශ්වාසයක් හේතුවෙන් මෙසේ සිදු කර ඇති බව සඳහන්.













