ශක්තිමත් ආර්ථික රාමුවක් රජය විසින් නිර්මාණය කර අවසන් – වැඩ බලන මුදල් ඇමති

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ ඉදිරියේ දී ගෝලීය වශයෙන් ඇතිවිය හැකි ආර්ථික අර්බුදයන්ට මුහුණදීමටත් හැකිවන පරිදි ආර්ථික රාමුවක් රජය විසින් නිර්මාණය කර ඇති බව වැඩ බලන මුදල් අමාත්‍යය ශෙහාන් සේමසිංහ පවසනවා.

රජය විසින් ඇති කරගත් ආර්ථික ක්‍රියාවලිය යම් යම් දේශපාලනික කෝණයකින් බලා එය වෙනස් කිරීමට උත්සාහ කළොත් රට තුළ නැවත ඛේදවාචකයක් ඇතිවීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවත් ඛේදවාචකයක් නිර්මාණය කිරීම ඇතැම් අයගේ අරමුණ බවයි අමාත්‍යවරයා පේනවා දෙන්නේ.

අනුරාධපුරයේ දී අද (21) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර රට තුළ බදු ගෙවන කණ්ඩායමක් සිටිනවා සේම බදු ගෙවීම පැහැර හරින හා මෙම බදු ජාලයට අන්තර්ගත නොවූ පිරිසගෙන් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවා.

වැඩබලන මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ හරහා ආණ්ඩුවේ මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමට අකමැති පිරිසක් විසින් රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව විවේචන ඉදිරිපත් කරන බවයි.

ඉදිරියේදී බදු ප්‍රතිපත්තියට පමණක් නොව රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී නව පනත් හා නීතිරීති හඳුන්වාදීම සිදුකරන බවත් විශේෂයෙන් බදු සඟවා බදු ගෙවීම පැහැර හරින කණ්ඩායම්වලට නව බදු නීති වලංගුවන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43