spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශක්තිමත් ආර්ථික රාමුවක් රජය විසින් නිර්මාණය කර අවසන් – වැඩ බලන මුදල් ඇමති

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ ඉදිරියේ දී ගෝලීය වශයෙන් ඇතිවිය හැකි ආර්ථික අර්බුදයන්ට මුහුණදීමටත් හැකිවන පරිදි ආර්ථික රාමුවක් රජය විසින් නිර්මාණය කර ඇති බව වැඩ බලන මුදල් අමාත්‍යය ශෙහාන් සේමසිංහ පවසනවා.

රජය විසින් ඇති කරගත් ආර්ථික ක්‍රියාවලිය යම් යම් දේශපාලනික කෝණයකින් බලා එය වෙනස් කිරීමට උත්සාහ කළොත් රට තුළ නැවත ඛේදවාචකයක් ඇතිවීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවත් ඛේදවාචකයක් නිර්මාණය කිරීම ඇතැම් අයගේ අරමුණ බවයි අමාත්‍යවරයා පේනවා දෙන්නේ.

අනුරාධපුරයේ දී අද (21) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර රට තුළ බදු ගෙවන කණ්ඩායමක් සිටිනවා සේම බදු ගෙවීම පැහැර හරින හා මෙම බදු ජාලයට අන්තර්ගත නොවූ පිරිසගෙන් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවා.

වැඩබලන මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ හරහා ආණ්ඩුවේ මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමට අකමැති පිරිසක් විසින් රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව විවේචන ඉදිරිපත් කරන බවයි.

ඉදිරියේදී බදු ප්‍රතිපත්තියට පමණක් නොව රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී නව පනත් හා නීතිරීති හඳුන්වාදීම සිදුකරන බවත් විශේෂයෙන් බදු සඟවා බදු ගෙවීම පැහැර හරින කණ්ඩායම්වලට නව බදු නීති වලංගුවන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?