පාර්ලිමේන්තු කමිටුවකින් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙසක්

ශ්‍රී ලංකා මහ බැංකුව “Lanka Pay” පද්ධතියේ සිට Central Bank Digital Currencies (CBDCs) දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන අතර මේ වසර අවසානයේ එහි අවසාන අදියරයට පැමිණෙන බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

මූල්‍ය වෙළෙඳපොළ සඳහා විද්‍යුත් මුදල් ක්‍රමයක් හඳුන්වා දීම හා බ්ලොක්චේන් තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රම සහ විධි කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය. ශ්‍රී ලංකා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යන ආයතනවල නියෝජිතයින් සහ මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් මෙම සාකච්ඡාව සඳහා කැඳවා තිබුණා.

මූල්‍ය ගනුදෙනු සම්බන්ධ ලේඛනයක් (financial registry) නොමැති වීම නිසා රටේ 45%ක පමණ නියාමනය නොකළ වෙළඳපොලක් පවතින බවත්, එය නියාමනය සඳහා ඩිජිටල් මුදල් ඒකකයක් සහ ගනුදෙනු කිරීමට ඉලෙක්ට්‍රොනික ගෙවීම් වේදිකාවක් හඳුන්වා දීම සහ ඒ සඳහා බ්ලොක්චේන් තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන් විසින් බ්ලොක්චේන්, ක්‍රිප්ටෝඇසෙට්ස් සහ මහබැංකු ඩිජිටල් මුදල් ඒකක සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් කාරක සභාවේ සභාපතිවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ බ්ලොක්චේන් තාක්ෂණය ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන ආදායම් එකතු කිරීමේ ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල කටයුතු සඳහා යොදාගත හැකි ද, එසේ යොදාගත හැක්කේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කළ යුතු බවයි.

ඊට පිළිතුරු දෙමින් මහ බැංකු නිලධාරීන් සඳහන් කළේ මූලික වශයෙන් එසේ සිදු කිරීමේ හැකියාවක් පවතින බවත් දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව පුද්ගලයන් හඳුනාගැනීම සම්බන්ධ සොයා බැලීම් සඳහා බ්ලොක්චේන් තාක්ෂණය භාවිත කරන බවයි.

එසේම සෘජුවම බ්ලොක්චේන් තාක්ෂණය කරා ගමන් කිරිමේදී වැයවන පිරිවැය අධික වන බැවින් ක්‍රම ක්‍රමයෙන් එම ඉලක්කයට ළඟා වීමේ හැකියාවක් පවතින බව ද, මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් මෙහිදී සඳහන් කළා. එම ඉලක්කය සපුරාගැනීම සඳහා වැඩි වැඩියෙන් ඩිජිටල් බැංකුකරණය හරහා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සිදු කිරීමට පාරිභෝගිකයා පෙළඹවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී කමිටුවේ පෙන්වා දෙනු ලැබුවා.

එසේම ඩිජිටල් බැංකුකරණය සඳහා ශ්‍රී ලංකාවේ නීතිමය අවසරය ඇති නමුත්, සම්පූර්ණයෙන්ම ඩිජිටල් බැංකුකරණය සඳහා දැනට කිසිදු බැංකුවක් ඉල්ලීම් සිදු කොට නොමැති බව ද, මෙහිදී මහ බැංකු නිලධාරීහු ප්‍රකාශ කළා. තවද ඉන්ධන සඳහා “QR Code” ක්‍රමවේදය භාවිතා කළ ද, එම ක්‍රමය අහෝසි නොකොට මූල්‍යමය ගනුදෙනු සඳහා ද, යොදා ගන්නා ලෙස මහ බැංකුව විසින් උපදෙස් ලබා නොදීම බරපතල අඩුපාඩුවක් බවයි මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ. ප්‍රවාහනය, විදුලිබලය වැනි ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් ක්ෂේත්‍ර සඳහා ද, මෙම ”QR Code” ක්‍රමවේදය භාවිතයට ගැනීමේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කර තිබෙනවා.

තවද ඉන්දියාව සහ බංග්ලාදේශය ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හා ඩිජිටල් කරන්සි භාවිතයට අනුවර්තනය වීමේදී ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කොට එහිදී ඇති වූ අභියෝග හා විසඳුම් සහ එහි පසුබිම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව වෙත සති 2ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසටයි කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් මහ බැංකුවට උපදෙස් ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17