වන අලියෙක්ගේ ප්‍රහාරයකින් අයෙක් ජීවිතක්ෂයට

මඩු පොලිස් වසමේ කරඹකුලම් ප්‍රදේශයේ දී ඊයේ (22) දින උදෑසන වන අලියෙක් පහර දීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා මුරුන්කන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ පන්නිවෙට්ටුවාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර මඩු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted