නවගමුවේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි (වීඩියෝ)

නවගමුව තුංඅඳහේන ප්‍රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් යතුරු පැදියකින් පැමිනි පුද්ගලයන් දෙදෙනෙකු අදාල පුද්ගලයා නිවසින් රැගෙන ගොස් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

ගලබොඩවත්ත, කොරතොට ප්‍රදේශයේ පිහිටි මෙම නිවසක ඊයේ රාත්‍රියේ යතුරු පැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ තිබුණා.

ඔවුන් නිවැසියන්ට පවසා ඇත්තේ තමන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බවයි.

පසුව නිවසේ රැඳී සිටි 34 හැවිරිදි බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා නමැති පුද්ගලයා නිවසෙන් මදක් ඈතට රැගෙන ගොස් යතුරු පැදියේ නංවාගෙන කැඳවා ගෙන ගොස් තිබෙනවා.

නිවැසියන් යතුරු පැදිය ලුහුබැඳ ඇත්තේ ඒ පිළිබඳ ඇති වූ සැකය හේතුවෙන්.

යතුරු පැදියේ නංවාගෙන ගිය පුද්ගලයා කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල බෝක්කුව ආසන්නයේ හිසෙහි බරපතල තුවාල සහිතව වැටීසිටියදී නිවැසියන්ට හමු වන්නේ ඒ අනුවයි.

නිවැසියන් තුවාලකරු අතුරුගිරිය රෝහලට ඇතුලත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් පසු ඔහු මියගොස් තිබුණා.

ඝාතනයට ලක් වු පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී 2011 වසරේදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් හා ගිනි අවියක් ලඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත ව සිටි පුද්ගලයෙක්.

කෙසේ වෙතත්, ඔහු සම්බන්ධයෙන් මෑතකදී පොලිසියට පැමිණිලි ලැබී නැහැ. මෙම ඝාතනයට හේතුව වෙතෙක් අනාවරණය වී නොමැති අතර නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56