වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානයක්

දීර්ඝකාලීන සිරදඬුවම් විදින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමිමේ උත්සවයක් අද (07) වැලිකඩ බන්ධනාගාර පරීශ්‍ර‍යේ දී සිදු කෙරුණා.

“සිරගතවූවන්ගේ දරුවන්ගේ මිතුරෝ” සංවිධානය මඟින් සංවිධානය කර තිබූ මෙම උත්සවය පැවැත් වුණේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ ප්‍රධානත්වයෙන්.

ඒ, අනුව දරුවන් 291දෙනෙකු වෙනුවෙන් රුපියල් 18,000 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමක් සිදුකළ අතර, 2022 වසරේ දී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් විශිෂ්ට ප්‍රථිඵල ලබාගත් රැඳවියන්ගේ දරුවන් හයදෙනෙක් සඳහා දිරිමත් කිරීමේ විශේෂ ත්‍යාග පිරිනමනු ලැබුවා.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස්වරුන්, වැලිකඩ බන්ධනාගාර අධිකාරීතුමන්, සිරගත වූවන්ගේ සංවිධානයේ කන්‍ය සොයුරියන්, බන්ධනාගාර නිළධාරීන් හා රැඳවියන්ගේ පවුලේ සමාජික සාමාජිකවන් සහභාගීව සිටියා.