පොලිස් වෙසින් නිවසට ඇතුලු වී කාන්තාවකට කළ කැත වැඩේ

පොලිස් නිලධාරීන් යැයි හදුන්වා දී නිවසකට ඇතුළු වී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හෙට්ටිපොල පොලීසිය පැවසීය.

මූණමල්දෙණිය – අකරවත්ත ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරමින් එම ස්ථානයේම කම්කරු නිවාසකය පදිංචිවී සිටින කාන්තාවක් විසින් ඉකුත් 26 වැනිදා කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇත.

ඉකුත් 25 වැනිදා රාත්‍රීයේ තමා සහ පවුලේ අය නිවසේ සිටින විට පැමිණි තිදෙනෙකු තමන් පොලිස් නිලධාරීන් බවට හදුන්වා දී නිවසට ඇතුළු වූ බවත් පැමිණිළිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.

නිවසට ඇතුළු වූ ඔවුන් නිවසේ සිටි අයවළුන්ගේ හැදුණුම්පත් පරීක්ෂා කර අනතුරුව තමන්ගේ ඇදුම් ඉරා දමා ලිංගික අතවර සිදු කළ බවද පැමිණිළිකාරිය පොලීසියට පවසා ඇත.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ව පැමිණිළිකාරිය හදුනා ගෙන නොමැති බව පොලීසිය කියයි. හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
3
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?