58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබපැතුම්

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සුබ පැතුම් එක කර තිබෙනවා.

ඒ, කොළඹ කැම්පොරියේ සංවිධායක කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් නායකයින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (07) අග්‍රාමාත්‍යවරයා මුණගැසුන අවස්ථාවේදීයි.

රටට දක්ෂ මෙන්ම විනයගරුක නායකයන්ගේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් දැක් වූ අගමැති දිනේෂ් ගුණර්වධන ස්වෙච්ඡා නිලධාරීන් මෙවැනි වැදගත් සමාජ හිතකාමී ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට දක්වන කැපවීම ඉහළින් අගය කළා.

මෙම අවස්ථාවට කොළඹ බාලදක්ෂ කොමසාරිස් අමිල් අබේසුන්දර, කඳවුරු සංවිධායක කොමසාරිස් ෂබීන් අහමඩ් සහ කොළඹ බාලදක්ෂ සංගමයේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වුණා.

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරිය දෙසැම්බර් 08, 09 සහ 10 යන දිනවල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී පැවත්වෙනවා.

බාලදක්ෂයෝ මෙන්ම බාලදක්ෂ නායකයෝ දොළොස් දහසකට වැඩි පිරිසක් සම්බන්ධ වන මෙම කඳවුරේ මෙවර තේමාව ‘හදවතින් මෙන්ම මනසින් පිරිපුන් බාලදක්ෂයින්’ යන්නයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37