spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබපැතුම්

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සුබ පැතුම් එක කර තිබෙනවා.

ඒ, කොළඹ කැම්පොරියේ සංවිධායක කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් නායකයින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (07) අග්‍රාමාත්‍යවරයා මුණගැසුන අවස්ථාවේදීයි.

රටට දක්ෂ මෙන්ම විනයගරුක නායකයන්ගේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් දැක් වූ අගමැති දිනේෂ් ගුණර්වධන ස්වෙච්ඡා නිලධාරීන් මෙවැනි වැදගත් සමාජ හිතකාමී ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට දක්වන කැපවීම ඉහළින් අගය කළා.

මෙම අවස්ථාවට කොළඹ බාලදක්ෂ කොමසාරිස් අමිල් අබේසුන්දර, කඳවුරු සංවිධායක කොමසාරිස් ෂබීන් අහමඩ් සහ කොළඹ බාලදක්ෂ සංගමයේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වුණා.

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරිය දෙසැම්බර් 08, 09 සහ 10 යන දිනවල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී පැවත්වෙනවා.

බාලදක්ෂයෝ මෙන්ම බාලදක්ෂ නායකයෝ දොළොස් දහසකට වැඩි පිරිසක් සම්බන්ධ වන මෙම කඳවුරේ මෙවර තේමාව ‘හදවතින් මෙන්ම මනසින් පිරිපුන් බාලදක්ෂයින්’ යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?