සිසු සිසුවියන්ට අඩු වයසෙන් පාසල් අධ්‍යාපනය අවසන් කරන්න අලුත් ක්‍රමයක්

පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

පසුගිය පළමු වනදා, පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා අධ්‍යපන අමාත්‍යංශයේ අයවැය සඳහා 2023 වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරුණා.

ඒ, අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලෙසන බව අධ්‍යාපන බලධාරීන් මෙහිදී පවසා තිබෙනවා.

මෙම යෝජනාව අනුව පෙර පාසල් අධ්‍යපනය වයස අවුරුදු 04 දීත්, ප්‍රථමික අංශය 01-05 දක්වාත්, කනිෂ්ඨ අංශය 06- 08 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 09 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පහ ශිෂ්‍යත්ව විභාග‍ය සඳහා පාසල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර අති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරඟකාරිත්වය නැති කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශ යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමත්‍යාංශය යෝජනා කර ඇති බව සඳහන්.

එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 09 සිට 07 දක්වා අඩු කිරීමට ද තීරණය කර ති අතර, එම විෂයන් 07 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන මෙහිදී සඳහන් කළේ.

වසරක දී සාමාන්‍ය පෙළ විභාගයෙන් අසූ දහසකට (80,000) අධික සිසුන් සංඛ්‍යාවක් අසමත් වන බව පෙන්වාදුන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කිසිදු දරුවකු අසමත් නොවන බවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසාදීමටයි යෝජනා කර ඇත්තේ.

ඒ, වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යනය හා වෘත්තීය අධ්‍යනය ලෙස ඛාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇති බව සඳහන්.

ශාස්ත්‍රීය අධ්‍යනය යටතේ දැනට පවතින විෂය අංශයන් 06 සිට 08 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන ලදී.

එමෙන්ම ප්‍රයෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්‍ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බව ද එම අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසුවා.

අධ්‍යාපන සේවය තුළ පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීම ද සිදුවන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙනු ලැබුවා.

එහිදී දැනට පවතින අධ්‍යාපන කලාප සංඛ්‍යාව 100 සිට 122 දක්වා ඉහළ යන අතර දස දහස් එකසිය විසි හයක්වන (10,126) සමස්ත පාසල් සංඛ්‍යාව එක්දහස් දෙසිය විස්සක් (1220) වූ පොකුරු පාසල් ලෙස වර්ගීකරණයකට ලක්වෙනු ඇති.

දැනට පවතින සියලුම ජාතික පාසල් පළාත් මට්ටමින් ප්‍රමුඛ පාසල් ලෙස පසැල් පොකුරක ප්‍රධාන පාසලක් වනු ඇති බවයි වාර්තා වුණේ.

2024 වර්ෂය සඳහා මෙවර අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 517.05ක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී සඳහන් කළා.

ඉන් රුපියල් මිලියන දෙදහසක් පාසල් පෙළ පොත් ලබා දීමටද, රුපියල් මිලියන හය දහසක් පාසැල් නිළ ඇඳුම් සඳහාද, දරුවන් හත්ලක්ෂ විසි අටදහස් හාරසිය අසූවක් (728,480) වූ දරුවන්ට පාසැල් සපත්තු ලබාදීම සඳහා රුපියල් මිලියන දෙදහස් පන්සියයක් ද වෙන්කර තිබෙනවා.

පාසැල් දරුවන් මිලියන 1.07 කට පමණ දැනට දිවා ආහාරය ලබා දෙන අතර එම සංඛ්‍යාව 2024 වර්ෂයේ දී දරුවන් මිලියන 1.5 කට ලබාදීමට සුදානම් බවද අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
5
+1
3
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?