සිසු සිසුවියන්ට අඩු වයසෙන් පාසල් අධ්‍යාපනය අවසන් කරන්න අලුත් ක්‍රමයක්

පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

පසුගිය පළමු වනදා, පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා අධ්‍යපන අමාත්‍යංශයේ අයවැය සඳහා 2023 වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරුණා.

ඒ, අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලෙසන බව අධ්‍යාපන බලධාරීන් මෙහිදී පවසා තිබෙනවා.

මෙම යෝජනාව අනුව පෙර පාසල් අධ්‍යපනය වයස අවුරුදු 04 දීත්, ප්‍රථමික අංශය 01-05 දක්වාත්, කනිෂ්ඨ අංශය 06- 08 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 09 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පහ ශිෂ්‍යත්ව විභාග‍ය සඳහා පාසල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර අති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරඟකාරිත්වය නැති කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශ යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමත්‍යාංශය යෝජනා කර ඇති බව සඳහන්.

එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 09 සිට 07 දක්වා අඩු කිරීමට ද තීරණය කර ති අතර, එම විෂයන් 07 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන මෙහිදී සඳහන් කළේ.

වසරක දී සාමාන්‍ය පෙළ විභාගයෙන් අසූ දහසකට (80,000) අධික සිසුන් සංඛ්‍යාවක් අසමත් වන බව පෙන්වාදුන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කිසිදු දරුවකු අසමත් නොවන බවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසාදීමටයි යෝජනා කර ඇත්තේ.

ඒ, වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යනය හා වෘත්තීය අධ්‍යනය ලෙස ඛාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇති බව සඳහන්.

ශාස්ත්‍රීය අධ්‍යනය යටතේ දැනට පවතින විෂය අංශයන් 06 සිට 08 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන ලදී.

එමෙන්ම ප්‍රයෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්‍ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බව ද එම අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසුවා.

අධ්‍යාපන සේවය තුළ පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීම ද සිදුවන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙනු ලැබුවා.

එහිදී දැනට පවතින අධ්‍යාපන කලාප සංඛ්‍යාව 100 සිට 122 දක්වා ඉහළ යන අතර දස දහස් එකසිය විසි හයක්වන (10,126) සමස්ත පාසල් සංඛ්‍යාව එක්දහස් දෙසිය විස්සක් (1220) වූ පොකුරු පාසල් ලෙස වර්ගීකරණයකට ලක්වෙනු ඇති.

දැනට පවතින සියලුම ජාතික පාසල් පළාත් මට්ටමින් ප්‍රමුඛ පාසල් ලෙස පසැල් පොකුරක ප්‍රධාන පාසලක් වනු ඇති බවයි වාර්තා වුණේ.

2024 වර්ෂය සඳහා මෙවර අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 517.05ක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී සඳහන් කළා.

ඉන් රුපියල් මිලියන දෙදහසක් පාසල් පෙළ පොත් ලබා දීමටද, රුපියල් මිලියන හය දහසක් පාසැල් නිළ ඇඳුම් සඳහාද, දරුවන් හත්ලක්ෂ විසි අටදහස් හාරසිය අසූවක් (728,480) වූ දරුවන්ට පාසැල් සපත්තු ලබාදීම සඳහා රුපියල් මිලියන දෙදහස් පන්සියයක් ද වෙන්කර තිබෙනවා.

පාසැල් දරුවන් මිලියන 1.07 කට පමණ දැනට දිවා ආහාරය ලබා දෙන අතර එම සංඛ්‍යාව 2024 වර්ෂයේ දී දරුවන් මිලියන 1.5 කට ලබාදීමට සුදානම් බවද අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
5
+1
3
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23