බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම් කරයි

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවර‌යෙකු ගංජා සමග බොරැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය ලද තොරතුරක් මත ඊයේ (24) මෙම බන්ධනාගාර නියාමකවරයා ගංජා මිලිග්රෑම් 1510ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ වැලිකඩ බන්ධනාගාරගත කර සිටි සිරකරුවෙකු සහ සැකකරුවෙකු වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර ඔවුන් භාරව සිටි වැලිකඩ බන්ධනාගාර නියාමකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිලධාරියාට විරුද්ධව මූලික විමර්ෂණයක් ආරම්භකර ඇති හෙයින් මෙම නිලධාරියා වැඩ තහනමකට ලක්කර තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?