යේමනයේ හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ අගනුවරවන රියාද් හි පිහිටි ගුවන් තොටුපළකට එල්ල කළ ප්‍රහාරයකින්
අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 309 දෙනෙකු තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මියගිය අය අතර සෞදි ජාතිකයින් සිව්දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු සහ එක්සත් ජනපදය, ජෝර්දානය, පලස්තීනය, සිරියාව, සුඩානය සහ ඊජිප්තුව යන රටවල එක් අයෙකු බැගින් වූ පිරිසක් සිටින බවයි සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ.
ප්‍රහාරය එල්ල වූ කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් මේ වන විට අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානයේ සහාය ලබන හූති කැරළිකරුවන් විසින් ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාර දෙකකින් ගුවන් නියමුවෙකු ඇතුළු සෞදි ජාතිකයින් තිදෙනෙකු මියගිය බව බලධාරීන් ප්‍රකාශ කර දිනකට පසුව ඊයේ මෙම නව ප්‍රහාරය සිදුව තිබෙනවා.
ඔක්තෝබර් 06 සහ 07 යන දිනවල සෞදි ගුවන් තොටුපළවල් දෙකකට හූතිවරුන් එල්ල කළ ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් තිදෙනෙකු මිය ගියා.
