ඥානසාර හිමිගේ සිදුවීම දැන් ආගමික ප්‍රශ්නයක් බවට පත්වෙලා – හිටපු ජනපති රනිල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබාදීම සම්බන්ධයෙන් එවකට පැවති රජය ගත් තීරණය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරුණු පැහැදිලි කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නීතීඥ හමුවකට එක්වෙමින් හිටපු ජනධිපතිවරයා මේ බව පැහැදිලි කරනු ලැබුවා.

කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයේ දී මෙම හමුව පැවති අතර, එහිදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීම මේ වනවිට ආගමික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම වීමෙන් පසු උන්වහන්සේගේ සිවුර ඉවත් කරන්නේද, නැතහොත් සමාව ලබාදී නිදහස් කරන්නේ ද යන කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ සම්පූර්ණ අදහස පහතින්.

8
9
10