‘අපේ ආණ්ඩුව – වසර දෙකයි රටට සුබයි’ ජනරැලි මාලාවේ තවත් ජනරැලි 02ක් අද ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ‘අපේ ආණ්ඩුව – වසර දෙකයි රටට සුබයි’ ජනරැලි මාලාවේ තවත් ජන රැළි දෙකක් අද (11) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන මෙම ජනරැලි දෙක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය සහ ඉබ්බාගමුව නගරවල දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

අද (11) පැවැත්වෙන නිකවැරටිය ජනරැලිය පස්වරු 1.00ට ආරම්භවීමට නියමිත අතර, ඉබ්බාගමුව ජනරැලිය ආරම්භ වන්නේ පස්වරු තුනටයි.

අපේ ආණ්ඩුව – වසර දෙකයි රටට සුබයි’ ජනරැලි මාලාවේ පළමු ජනරැලිය කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහලින් ආරම්භ වුණේ පසුගිය සැප්තැම්බර් මස 06 වනදායි.