ඉදිරියේ දී නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සම්බන්ධව අවදානය යොමුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
පෞද්ගලික සමාගම් දිගින් දිගටම ඉන්ධන නිකුත් කිරීම සීමා කළොත් ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් පවතින ප්‍රදේශවල ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමට අවදානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඊයේ (10) කොළඹ දී පැවති බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ 37 වන වාර්ෂික හමුවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මේ අතර ඇතැම් කණ්ඩායම් ගෙන යන ප්‍රචාරවලට බිය වී අනවශ්‍ය ලෙස ඉන්ධන මිලදී ගැනීම්වලට නොයන ලෙස මහජනතාවට අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා.
කිසිම අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉඩ නොතබන බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.
