ඥානසාර හිමිගේ නිදහස ඉල්ලා කොළඹට එන පාද යාත්‍රාවේ දෙවන දවස අදයි

මේ වනවිට බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාවේ’ දෙවන දිනය අදයි.

‘නිදහසේ පාද යාත්‍රාව’ අද (11) දිනයේ කඩුගන්නාවෙන් ගමන් ආරම්භ කරන අතර, අද දිනයේ එහි ගමනාන්තය වන්නේ කෑගල්ල නගරයයි.

සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ ‘නිදහසේ පාද යාත්‍රාව’ ඊයේ (10) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වුණා.

මෙම පාගමන කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව, කඩවත යන නගර පසු කරමින් ලබන 15 වන බ්‍රහස්පතින්දා කොළඹට ළඟා වීමට නියමිතයි.