ඉම්රාන් ඛාන්ට තවත් චෝදනාවක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිඳගේ හිටපු ස්වාමිපුරුෂයා ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා.

හිටපු අගමැතිට සහ ඔහුගේ බිරිඳට වංචනික විවාහ චෝදනා එල්ල කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

71 හැවිරිදි ඉම්රාන් ඛාන් සහ බිරිඳ වන 49 හැවිරිදි බුෂ්රා බිබීට එරෙහිව ඛාවර් මනේකා නම් පුද්ගලයා විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ අදාළ විවාහ මංගල්‍යය වංචනික ලෙස නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේයි.

අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප ලබා සිටි Khawar Maneka, චෝදනා කරන්නේ Imran Khan විසින් තම විවාහ ජීවිතය විනාශ කිරීමට වගකිව යුතු බවයි.

ඉම්රාන් ඛාන් සහ තම හිටපු බිරිඳ වන බුෂ්රා බීබී නීතියට අනුකූලව කැඳවා දඬුවම් කළ යුතු බව ඛාවාර් මනේකා උසාවියෙන් ඉල්ලා තිබෙනවා.

Pakistan Tehreek-e-Insaf පක්ෂයේ නායකයා ද වන ඉම්රාන් ඛාන් තමා නිවසේ නොමැති අවස්ථාවල තම නිවසට නිතර ගිය බවත් එය අනවශ්‍ය පමණක් නොව සදාචාර විරෝධී බවයි මෙම පුද්ගලයා පෙන්වා දෙන්නේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ බුෂ්රා බිබී තම බිරිඳ ලෙසට සිටි සමයේ ඉම්රාන් ඛාන් ඇයට රාත්‍රියේ ද කතා කරන බවත්, ඔහුට සන්නිවේදනය සඳහා වෙනම දුරකථන අංක සහ ජංගම දුරකථන ද ලබා දී ඇති බවයි. අනතුරුව තමා 2017 වසරේ නොවැම්බර් 14 වන දින බුෂ්රා බිබි දික්කසාද කළ බවයි Khawar Maneka පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42