ඉම්රාන් ඛාන්ට තවත් චෝදනාවක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිඳගේ හිටපු ස්වාමිපුරුෂයා ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා.

හිටපු අගමැතිට සහ ඔහුගේ බිරිඳට වංචනික විවාහ චෝදනා එල්ල කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

71 හැවිරිදි ඉම්රාන් ඛාන් සහ බිරිඳ වන 49 හැවිරිදි බුෂ්රා බිබීට එරෙහිව ඛාවර් මනේකා නම් පුද්ගලයා විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ අදාළ විවාහ මංගල්‍යය වංචනික ලෙස නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේයි.

අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප ලබා සිටි Khawar Maneka, චෝදනා කරන්නේ Imran Khan විසින් තම විවාහ ජීවිතය විනාශ කිරීමට වගකිව යුතු බවයි.

ඉම්රාන් ඛාන් සහ තම හිටපු බිරිඳ වන බුෂ්රා බීබී නීතියට අනුකූලව කැඳවා දඬුවම් කළ යුතු බව ඛාවාර් මනේකා උසාවියෙන් ඉල්ලා තිබෙනවා.

Pakistan Tehreek-e-Insaf පක්ෂයේ නායකයා ද වන ඉම්රාන් ඛාන් තමා නිවසේ නොමැති අවස්ථාවල තම නිවසට නිතර ගිය බවත් එය අනවශ්‍ය පමණක් නොව සදාචාර විරෝධී බවයි මෙම පුද්ගලයා පෙන්වා දෙන්නේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ බුෂ්රා බිබී තම බිරිඳ ලෙසට සිටි සමයේ ඉම්රාන් ඛාන් ඇයට රාත්‍රියේ ද කතා කරන බවත්, ඔහුට සන්නිවේදනය සඳහා වෙනම දුරකථන අංක සහ ජංගම දුරකථන ද ලබා දී ඇති බවයි. අනතුරුව තමා 2017 වසරේ නොවැම්බර් 14 වන දින බුෂ්රා බිබි දික්කසාද කළ බවයි Khawar Maneka පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51