සීනි සමාගම් ඉපැයූ අයුතු ලාභ ගැන අනාවරණයක්

2020 ඔක්තෝබර් මාසයේ සීනි සඳහා වන වි‍ශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් සීනි සමාගම් රුපියල් බිලියන 16ක අයුතු ලාභයක් උපයා ඇති අතර නැවත එම බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් සීනි ආනයන සමාගම් බිලියන ගණනින් අයුතු ලාභයක් උපයා ඇතැයි අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ අගෝස්තු මාසයේ තිරිඟු පිටි ආනයනය තහනම් කර නැවත තිරිඟු පිටි ආනයනය කිරී‍මට ඉඩ දීම තුලින් තිරිඟු පිටි සැපයුම්කාර සමාගම් දෙකක් ද බිලියන ගණන් අයුතු ලාභ උපයා ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සීනි සහ තිරිඟු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන නිසා සමාගම් අසීමිත ලාභ ලැබීමත් රටට බදු මුදල් අහිමිවීමත් පිළිබද අවධානය යොමුකර ඒවා අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (15) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමුවූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට කැඳවා තිබුණා.

2020 වසේ ඔක්තෝබර් මස සීනි සඳහා වන වි‍ශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් බිලියන 16කට ආසන්න විශාල අනීතික ලාභයක් ලබා ඇති බවත් ඒ සම්බන්ධ විගණන වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බවත් ඊට අදාළ සමාගම් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කර දේශීය ආදායම් පනත අනුව නිසි බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙසටයි ඉල්ලා සිටියේ.

එමෙන්ම මෙරටට තිරිඟු ආනයනය කර පිටි සකස් කරන ප්‍රධාන සමාගම් දෙකට හැර අනෙක් සමාගම්වලට තිරිඟු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කිරීම නිසා පිටි නිෂ්පාදනය කළ ප්‍රධාන සමාගම් දෙකක් විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කරගත් බව සභාපතිවරයා පෙන්වා දුන්නා. අනතුරුව මාස කිහිපයකින් තිරිඟු පිටි සදහා රුපියල් 16ක බද්දක් පැනවීමත් එමගින් එම සමාගම් ද්විත්වය විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරටට ජනතාවට හිමිවිය යුතු බදු සහනයන් නොලැබී යන බව ඔහු ප්‍රකාශ කළා.

පසුගිය පළමු වනදා සීනි බදු වැඩි කිරීමට පෙර ඊට ආසන්නම කාලයේදී එනම් ඔක්තෝබර් අග පමණ වන විට අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8500ක් පමණ ආනයනය කර ඇති බවත් ඉන් පසු සීනි බදු රුපියල් 50 දක්වා වැඩි වීම සිදු වී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා. සාමාන්‍යයෙන් මාස‍යකදී සීනි ගෙන්වා ඇත්තේ ටොන් 2000ක ප්‍රමාණයක් වුවද බදු වැඩි කිරීමට ආසන්න කාලයේදී මෙසේ අසාමාන්‍ය ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ බදු වැඩි වන බවට තොරතුරු ආනයනකරුවන්ට ලැබීම නිසා බවට සාධාරණ සැකයක් මතු වන බවයි මෙහිදී සභාපතිවරයා කියාසිටියේ. මේ අනුව මේ සම්බන්ධව අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබා ගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අය කර ගන්නා ලෙස නිර්දේශ කර තිබෙනවා.

පසුගිය කාරක සභා රැස්වීම්වලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා. එහිදී කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ කාරක සභාව විසින් පෙර ලබා දී තිබූ නිර්දේශ අතරින් නිර්දේශ 12ට ආදායම් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ප්‍රතිචාර ලබාදී නොමැති බවයි. රාජ්‍ය අදායමට මෙන්ම ජනතාවට වගකියන ප්‍රධානතම ආයතනයක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව සුවිසල් වගකීමක් පවතින බැවින් පවතින දුර්වලතා කඩිනමින් සකසා නිවැරදි මාවතට යොමු වීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා තවමත් ස්ථිර ප්‍රධානියෙක්, කොමසාරිස් ජෙනරාල්වරයෙක් පත් කර නොමැති වීම පිළිබඳව ද අවධානය යොමු වුණා.

දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් භාවිතයට ගන්නා RAMIS පරිගණක පද්ධතියට බදු ගෙවන්නන් විසින් ස්වයං තක්සේරු ක්‍රමය (Self-Assessment) යටතේ සිදු කරන බදු වාර්තා ජූනි 1වැනි දිනට පෙර සමාලෝචනය කිරීම සම්බන්ධ නිර්දේශය පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ඒ ඔස්සේ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරන තක්සේරු කරන ක්‍රියාවලියේ 2018-19 කාල සීමාවට අදාළ කොටස නිම කර ඇති අතර, 2019-20 කාල සීමාව යාවත්කාලීන කිරීමේ කටයුත්ත දැන් සිදු කරගෙන යන බවයි දෙපාර්තමේන්තුව මෙහිදී සඳහන් කළේ.

මෙහිදී කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ, නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් පමණ වන අතර ඉන් දැනට එකතු කර ගත හැකි තත්ත්වයේ ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 175ක් පමණ වන බවයි. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් තරමේ මුදලක බදු අයකර ගත නොහැකිව හිර වී ඇති බැවින් මෙය විසඳා ගැනීම සඳහා ඉක්මන් ක්‍රමවේදයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මෙම බදු තක්සේරු සහ අභියාචනා ක්‍රියාවලිය වේගවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

RAMIS පද්ධතිය නඩත්තු කටයුතු සදහා දෙපාර්තමේන්තුවේම පරිගණක තාක්ෂණික ශිල්පීන්ගේ සහය ලබා ගැනීම, SVAT බදු ගැටලුව, ටියුෂන් පන්ති, නීතිඥ ගාස්තු යනාදියෙන් බදු අයකර ගැනීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14