ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක් අයවැයක් තුළින් විසඳිය නොහැකියි – ජනපති

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි අතර අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ෂැංග්‍රිලා හෝටලයේ දී අද (15) පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධාන කළ ‘2024 අයවැය කතිකාවත‘ අමතමින්.

වෙනස්වන පරිසරය තුළ වෙනස් වීම මඟින් අර්බුදයට සාර්ථක විසඳුම් සොයා ගත හැකි බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේදී ද එම ක්‍රමවේදය ඉතාම වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම ප්‍රතිලාභ වෙනුවෙන් වෙන්කළ මුදල තුන් ගුණයකින් වැඩි කිරීමට පියවර ගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා පසුබිම සකස් කරමින් මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙනවා. එහි තිබෙන ඇස්තමේන්තු බාහිර සාධක මත වෙනස් විය හැකියි. මක්නිසාදයත් වර්තමානයේ ගාසා තීරයේ පවතින ගැටුම් තත්ත්වය පවා ඉදිරියේදී මෙරට ආර්ථිකයට බලපෑ හැකියි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි ලෝකයේ සියළු රටවල්වලට බලපානවා. ලෝක බලවතුන් එකතු වී ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ ද ඒ නිසයි. මැදපෙරදිග සිදුවන දේවල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බලපෑම් කළ හැකියි.

පසුගිය වසරේදි ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට සැලසුම් කළ යුතුයි. ඉන්පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. මා මේ වනවිට අයවැය වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු අයවැය යෝජනාවලියේදී ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වන යෝජනා ඉදිරිපත් කළා. මෙවර අයවැය යෝජනාවලියෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යෝජනා ඉදිරිත් කර තිබෙනවා. එක අයවැයකින් මේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දිය නොහැකියි.

මෙවර අයවැය මැතිවරණ ඉලක්ක කර ගෙන ඉදිරිපත් කළ අයවැයක් බව ඇතැම් පාර්ශව ප්‍රකාශ කරනවා. නමුත් මෙම අයවැය මැතිවරණ අයවැයක් නොවෙයි. මෙවර අයවැය නව ආර්ථික ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ අයවැයක් වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරිම, පෞද්ගලික අංශයේ ගැලපීම්, අස්වැසුම වැනි සමාජ සුබසාධක වැඩසටහන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යන සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කර තිබෙනවා. ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා වැටුප් වැඩිකිරීම අවශ්‍ය වෙනවා. නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අයවැය මඟින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කළ මුදල තුන්ගුණයකින් වැඩි කිරිමට යෝජනා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම පෞද්ගලිකකරණය මේ අය වැයෙන් යෝජනා කර තිබෙනවා. අක්කර මිලියන දෙකක පමණ ප්‍රමාණයක් බලපත්‍ර ලාභී ඉඩම් හිමියන් බවට පත් කරනවා.

ඒ වගේම හරිත බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. හරිත ආර්ථිකය සඳහා කැපවන ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට පසුබිම සකස් කිරිමට අවශ්‍ය කරන යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂයෙන් වියළි කලාපයේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ධීවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම පිළිබඳ සැලසුම් ද මෙම අයවැයට ඇතුළත් වෙනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා පවතින අවස්ථාවන් හඳුනාගෙන ඇති අතර, සංචාරකයින් මිලියන 5ක් ආකර්ශනය කර ගැනීමට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

නිෂ්පාදනයේ තරගකාරිත්වයේ අවශ්‍යතාවය පිළිගනිමින් ඉන්දියාව, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP), අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සහ යුරෝපා සංගමය (EU) සමඟ සම්බන්ධවීම වෙනුවෙන් ද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා. බංගලාදේශය සහ නැගී එන ආර්ථිකයන් සහිත රටවල් සමඟ තරග කිරීමේ අභියෝග හඳුනා ගෙන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මෙවර අයවැය මඟින් සකස් කර තිබෙනවා. ඒ වගේම ආර්ථික වෙනස්වීම්වලට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතුයි.

එහිදී පෞද්ගලික අංශය සඳහා පෞද්ගලික නව විශ්වවිද්‍යාල ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. ඉන්දියාවේ චෙන්නයි නගරයේ පිහිටි අයි අයි ටී (IIT) විශ්වවිද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. දේශගුණික විපර්යාස සඳහා නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ ප්‍රධාන වරාය සහ විභව සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම තුළින් කලාපීය සේවා සැපයුම් සඳහා ඇති හැකියාව සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා. 2030-2035 වන විට නවීන ආර්ථිකයක් කරා ළඟා වීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මෙවරය අයවැය මඟින් අප ඉලක්ක කර තිබෙනවා.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ අභියෝග ජය ගැනීමට සහ රට ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් බලමුළු ගැන්වීම සඳහා පුද්ගලික අංශය, විදේශ ආධාර සහ විශ්‍රාමික වෘත්තිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දිරිමත් කළ යුතුයි. එවැනි කැපවීමකින් තොරව රජය පමණක් සිදු කළ හැකි කාර්ය භාරය සීමාසහිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32