බ්‍රිතාන්‍යයේ හිටපු ප්‍රබල අග්‍රාමාත්‍යවරයෙකුට විදේශ ලේකම් ධුරය හිමිවෙයි

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩේවිඩ් කැමරන් ව එරට නව විදේශ ලේකම් තනතුරට පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම එරට වත්මන් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසිනුයි සිදු කරනු ලැබ ඇත්තේ.

මෙලෙස හිටපු අග්‍රාමාත්‍යවරයෙකුට විදේශ ලේකම් තනතුරක් හිමි වීම එරට දේශපාලනයේ මෙන් ම විදෙස් රටවල ද දැඩි කතාබහක් මතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේදියි රිෂී සුනක් මෙම පත් කිරීම සිදු කරන ලද බවට නිවේදනය කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිය කැබිනට් මණ්ඩලය ශක්තිමත් කරගැනීමේ අභිප්‍රායෙන් සුනක් අග්‍රාමාත්‍යවරයා මෙම තීන්දුව ගෙන ඇති බවයි.

ඩේවිඩ් කැමරන් මේ වනවිට 57 හැවිරිදි වියෙහි පසුවන අතර ඔහු 2010 -2016 තෙක් කාලයේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ ප්‍රතිඵලයෙන් පසුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග කැමරන් සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56