spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රිතාන්‍යයේ හිටපු ප්‍රබල අග්‍රාමාත්‍යවරයෙකුට විදේශ ලේකම් ධුරය හිමිවෙයි

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩේවිඩ් කැමරන් ව එරට නව විදේශ ලේකම් තනතුරට පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම එරට වත්මන් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසිනුයි සිදු කරනු ලැබ ඇත්තේ.

මෙලෙස හිටපු අග්‍රාමාත්‍යවරයෙකුට විදේශ ලේකම් තනතුරක් හිමි වීම එරට දේශපාලනයේ මෙන් ම විදෙස් රටවල ද දැඩි කතාබහක් මතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේදියි රිෂී සුනක් මෙම පත් කිරීම සිදු කරන ලද බවට නිවේදනය කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිය කැබිනට් මණ්ඩලය ශක්තිමත් කරගැනීමේ අභිප්‍රායෙන් සුනක් අග්‍රාමාත්‍යවරයා මෙම තීන්දුව ගෙන ඇති බවයි.

ඩේවිඩ් කැමරන් මේ වනවිට 57 හැවිරිදි වියෙහි පසුවන අතර ඔහු 2010 -2016 තෙක් කාලයේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ ප්‍රතිඵලයෙන් පසුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග කැමරන් සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?