පැනවූ බදු ඉවත් කරන හැටි ගැන 2024 අයවැයෙන් කියයි

ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපොළ බද්ද ඇතුළු තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් ව තිබෙනවා.

ඒ එළඹෙන නව වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අයවැය මගින්.

හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමල, බිංගිරිය, මහනුවර කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කෙරුණා.

රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට යොදා ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අතර; ඒ සඳහා වෙන්කරන මුදලක් රුපියල් මිලියන 600ක්.

යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක් ද වෙන් කිරීමට යෝජනා කෙරුණා.

මීට අමතර ව දේශගුණ විපර්යාස කොමිසමක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක් සහ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට යෝජනාවක් ද ඒ සඳහා කොත්මලේ ජලාශය අවට ඉඩම් අක්කර 600ක් වෙන් කිරීමේ යෝජනාවක් ද මෙවර අයවැයෙන් යෝජනා වුණා.

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කෙරුණා.

මේ සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 03ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?