ඊශ්‍රායල – හමාස් යුද්ධය ඇරඹී අදට මාසයයි – ගාසා තීරය ‘දරුවන්ගේ සොහොන් පිටියක්’ වෙයි

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරය එල්ල කළ අදට (07) මාසයක කාලයක් ගත වනවා.

මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායලය වැසියන් 1400 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 200ක් පමණ පිරිසක් හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වුණා.

මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායල ඇරඹු යුද්ධය මේ වානවිට දරුණු මට්ටමකට පැමිණ තිබෙනවා.

හමාස් ත්‍රස්තයින් රැඳී සිටින ගසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මේ දක්වා පුද්ගලයින් 10,022ක් මියගොස් ඇති බයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙලෙස මියගිය පිරිස අතර කුඩා ළමුන් 4,104ක් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල විසින් එල්ලකරන ගුවන් ප්‍රහාර උත්සන්න වීමත් සමඟ ගාසා තීරය “දරුවන්ගේ සොහොන් පිටියක්” බවට පත්වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.

එලෙස එල්ල කරනු ලබන ප්‍රහාරයන් හමාස් යටිතල පහසුකම් ඉලක්ක කරන බවත්, සිවිල් මරණ අවම කරන බවත් ඊශ්‍රායල පවසනවා.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජනපදයේ ABC පුවත් සේවයට පවසා ඇත්තේ සටන අවසන් වූ පසු ඊශ්‍රායලය, ගාසා තීරයේ “සමස්ත ආරක්ෂක වගකීම” දරණු ඇති බවයි.

  1. PALASTHEENUWAN 14000 15000 MARLA DANAKAM ISRAEL OKA NAWATHTHTANNE NAHE. EYALAGE 1400 MARUNA LU. EYALA KIYALA THIYENAWA 1:10 RATE EKAK GENA. EKA FACIST MLCHCHA KRAAYAK UNATH EYALA EKEN KARANNE ANUATHAYA MAINTAIN KARANA EKA. NAMUTH WEST BANK AND GAZA INNAWA ASANNA LESA 3 MILLION PALASTINE MUSLIMS LA. ISRAEL HEMADAMA MEHEMA ATHATHIYEN THAMAYI INNA WENNE. EKA DARA GANNA AMARU NISA SULU PRAHARAYAK AWATH DARUNU PRATHI PRAHARA DENAWA ASADHARALA LESA. DARUWO GHWNU, WAYASAKA SAHA BERI AYA THAMAYI ONEMA WAR EKAKIN ISSELLAMA MARENNE. KOHETH EHEMAYI. HEMA WELAWEMA PLO,HAMAS, HIBOLLAH THAMAYI MULINMA GAHUWE. EKATA DARUNU LESA REACT KALEYI ISRAEL. MEHEMA HEMADAMA MARA GANNE NATHIWA KAL PAWATHILA SAMAKAMEE WISANDUMAKATA YANA EKA HONDHAY, NATHINAM API KALA WAGEYI HAMUDA BALAYA DALA EYALAGE YUDHA BALAYA MULU MANINMA WINASHA KRALA, CAER LA MARA DANNA ONA, YATATH UNA AYA REHABILITATE KARANNA ONA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56