හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරය එල්ල කළ අදට (07) මාසයක කාලයක් ගත වනවා.
මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායලය වැසියන් 1400 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 200ක් පමණ පිරිසක් හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වුණා.
මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායල ඇරඹු යුද්ධය මේ වානවිට දරුණු මට්ටමකට පැමිණ තිබෙනවා.
හමාස් ත්‍රස්තයින් රැඳී සිටින ගසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මේ දක්වා පුද්ගලයින් 10,022ක් මියගොස් ඇති බයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මෙලෙස මියගිය පිරිස අතර කුඩා ළමුන් 4,104ක් ද සිටින බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායල විසින් එල්ලකරන ගුවන් ප්‍රහාර උත්සන්න වීමත් සමඟ ගාසා තීරය “දරුවන්ගේ සොහොන් පිටියක්” බවට පත්වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.
එලෙස එල්ල කරනු ලබන ප්‍රහාරයන් හමාස් යටිතල පහසුකම් ඉලක්ක කරන බවත්, සිවිල් මරණ අවම කරන බවත් ඊශ්‍රායල පවසනවා.
මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජනපදයේ ABC පුවත් සේවයට පවසා ඇත්තේ සටන අවසන් වූ පසු ඊශ්‍රායලය, ගාසා තීරයේ “සමස්ත ආරක්ෂක වගකීම” දරණු ඇති බවයි.














PALASTHEENUWAN 14000 15000 MARLA DANAKAM ISRAEL OKA NAWATHTHTANNE NAHE. EYALAGE 1400 MARUNA LU. EYALA KIYALA THIYENAWA 1:10 RATE EKAK GENA. EKA FACIST MLCHCHA KRAAYAK UNATH EYALA EKEN KARANNE ANUATHAYA MAINTAIN KARANA EKA. NAMUTH WEST BANK AND GAZA INNAWA ASANNA LESA 3 MILLION PALASTINE MUSLIMS LA. ISRAEL HEMADAMA MEHEMA ATHATHIYEN THAMAYI INNA WENNE. EKA DARA GANNA AMARU NISA SULU PRAHARAYAK AWATH DARUNU PRATHI PRAHARA DENAWA ASADHARALA LESA. DARUWO GHWNU, WAYASAKA SAHA BERI AYA THAMAYI ONEMA WAR EKAKIN ISSELLAMA MARENNE. KOHETH EHEMAYI. HEMA WELAWEMA PLO,HAMAS, HIBOLLAH THAMAYI MULINMA GAHUWE. EKATA DARUNU LESA REACT KALEYI ISRAEL. MEHEMA HEMADAMA MARA GANNE NATHIWA KAL PAWATHILA SAMAKAMEE WISANDUMAKATA YANA EKA HONDHAY, NATHINAM API KALA WAGEYI HAMUDA BALAYA DALA EYALAGE YUDHA BALAYA MULU MANINMA WINASHA KRALA, CAER LA MARA DANNA ONA, YATATH UNA AYA REHABILITATE KARANNA ONA.