ක්‍රිකට් ක්‍රීඩාවේ අවුල් ලිහන්න කැබිනට් අනු කමිටුවක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන අය පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පැවරෙනු ඇති.

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද අදහස් ලබා ගනිමින් වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට සහ අදාළ පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුව කටයුතු කරනු ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

මීට අමතරව, ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, මෙම අනු කමිටුවේ ලේකම්/කැඳවුම්කරු ලෙස කටයුතු කරනවා.

කමිටුවේ කටයුතු කාර්යක්ෂම ව සම්බන්ධීකරණය සහ පහසු කිරීම ලේකම්/කැඳවුම්කරුවෙකු පත්කිරීමේ අරමුණයි.

මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකමිටුවට බලය පවරා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ගැටලු වඩාත් සාර්ථක ලෙස විසඳීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම සහ පුළුල් පරාසයක් තුළ කරුණු සලකා බැලීම මෙම සමස්ත කටයුතුවල අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16